ශරීරයේ බර අඩු කරගෙන ඉක්මණින් මේද දහනය කරගන්න කවුරුත් කැමතියි.
මෙය 1985 දී එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ FDA හි සහාය ඇතිව ජෙනරල් මෝටර්ස් හි සේවකයින් සඳහා නිර්මාණය කරන ලද අතර ජෝන්ස් හොප්කින්ස් පර්යේෂණ මධ්‍යස්ථානයේ
ජෙනරල් මෝටර්ස් (General Motors) එහෙමත් නැත්නම් ජී. එම්. (GM) අහාර රටාව දවස් 7ක් එහෙමත් නැත්නම් සතියක් අනුගමන කිරීමෙන් අපේ ශරීරයේ සැළකිය යුතු බර ප්රමාණ්යක් අඩු කරගන්න වගේම, ශරීරයේ අනවශය මේද දහනය ඉක්මණ් කරගැනීමට පුලුවන්.
ඔබ තරබාරු නම් හෝ බර අඩු කර ගැනීමට අවශ්‍ය නම් මෙම සැලසුම අනුගමනය කිරීම සුදුසුයි. මෙය අනුගමනය කිරීම දුෂ්කර නමුත් ප්‍රතිථල ඉතා සාර්ථකයි. මම මෙය සතියක් හරියටම අනුගමනය කරල ශරීරයේ බර 3Kg අඩුකර ගැනීමට හැකි උනා. එනිසා ඔයාලත් මේක උත්සහා කරලා බලන්න.
වැදගත්:
- ඔබ දැනටමත් ආහාර සැලැස්මක් අනුගමනය කරන්නේ නම් මෙය අනුගමනය නොකරන්න.
- ඔබ ගර්භණී නම්, වෙනත් සෞඛ්‍ය ගැටළු තිබේ නම් වෛද්‍යවරයෙකුගේ අනුමැතියකින් තොරව මෙය අනුගමනය නොකරන්න.
- මෙය සතියක් අඛණ්ඩව එකදිගට අනුගමනය කිරීමෙන් වළකින්න. මාසයකට එක් වතාවක් අවශය්‍යනම් පමණක් කරන්න.
ආරම්භ කිරීමට පෙර
මට මෙය කිරීමට හැකි වූයේ ආහාර සැලසුම් පිළිබඳ අතීත අත්දැකීම් ඇති නිසාවෙනි. ඔබට එවැනි කිසිවක් නොමැති නම්, දින 1 ක් හෝ 2 ක් ඇතුළත ඔබේ දෛනික ආහාර ගැනීම ක්‍රමයෙන් අඩුකරගන්න. මෙලෙස සූදාන්ම් වීම ඔයාලට ලොකු උදව්වක් වේවි.
මානසික ශක්තිය ද මෙහි ප්‍රධාන සාධකයකි, එසේ නොමැතිව ඔබ පහසුවෙන් සැලැස්ම අතහැර දැමීමට ඉඩ ඇත.එමනිසා මෙය සාර්ථකව සම්පූර්ණ කරගැනීමට මනස යොදවන්න.
අනිවාර්ය්යෙන් දිනකට වීදුරු 8 – 12 ක් (ආසන්න වශයෙන් ලීටර් 2 ක්) පානය කරන්න.
ව්‍යායාම කිරීම අවශ්‍ය නොවන නමුත් අවම වශයෙන් දින තුනක්වත් ව්‍යායාම කිරීම යෝග්‍යයි. මම දිනකට පැය 1-2 ත් අතර Staircase climbing, Treadmill, Cross Trainer, Rowing and Cycling (cool down) දිනපතා භාවිතා කලා. ඔයාලට Gym එකක් නොමැතිනම් පැය 1-2 කරන්න Cardio කරන්න. Youtube eke `1 Hour cardio workout` කියලා Search කරලා ඔයාට ගැළපෙන හොඳ Workout එකක් සොයාගන්න පුලුවන්. මගේ මතය නම්, සාර්ථක ප්‍රථිඵල සඳහා ව්‍යායාම අතවශ්‍යයි
මෙන්න ආහාර සැලැස්ම (Diet Plan). මෙම සතිය තුළ ඔබට පරිභෝජනය කළ හැකි ආහාර මොනවාදැයි මම ලැයිස්තුගත කරල තියෙනවා. හොඳට කියවලා සැලසුම් කරල GM Diet එක පටන් ගන්න. ඔයා සතියකින් පස්සේ පුදුමයට පත් වේවි ඔබේ ප්‍රතිඵල දැකලා.
සැලැස්ම
පළමු දිනය – පළතුරු |
උදෑසන ආහාරය
සුලූ කෑම (snack)
දිවා ආහාරය
සුලූ කෑම (snack)
රාත්‍රී ආහාරය
සුලූ කෑම (snack)
අවවාදයයි: පළතුරු යුෂ වලට රසකාරක එකතු කිරීමෙන් වළකින්න |
දෙවන දිනය – එළවළු |
උදෑසන ආහාරය
සුලූ කෑම (snack)
දිවා ආහාරය
සුලූ කෑම (snack)
රාත්‍රී ආහාරය
සුලූ කෑම (snack)
|
තුන්වන දිනය – පලතුරු සහ එළවළු |
උදෑසන ආහාරය
සුලූ කෑම (snack)
දිවා ආහාරය
සුලූ කෑම (snack)
රාත්‍රී ආහාරය
සුලූ කෑම (snack)
අවවාදයයි: කෙසෙල්, අඹ සහ අර්තාපල්, ඉරිඟු හෝ ඇට වලින් වළකින්න. |
හතරවන දිනය – කෙසෙල් සහ කිරි |
උදෑසන ආහාරය
සුලූ කෑම (snack)
දිවා ආහාරය
සුලූ කෑම (snack)
රාත්‍රී ආහාරය
ආදේශක: කෙසෙල් වෙනුවට අත්තික්කා සහ දිනපතා භාවිතා කරන කිරි වෙනුවට Soy Milk භාවිතා කළහැක |
පස්වන දිනය – මස් |
උදෑසන ආහාරය
දිවා ආහාරය
රාත්‍රී ආහාරය
සුලූ කෑම (snack)
|
හයවෙනි දිනය – මස් සහ එළවළු |
උදෑසන ආහාරය
දිවා ආහාරය
රාත්‍රී ආහාරය
|
හත්වන දිනය – බත්, පළතුරු සහ එළවළු |
උදෑසන ආහාරය
දිවා ආහාරය
රාත්‍රී ආහාරය
සුලූ කෑම (snack)
අවවාදයයි: පළතුරු යුෂ වලට රසකාරක එකතු කිරීමෙන් වළකින්න |
- බෝංචි ආහාරයට අවසර නැත
- කෝපි සහ Green Tea සඳහා අවසර ඇත, නමුත් කිසිදු රසකාරක එකතු කිරීමකින් තොරව පමණි
- සෝඩා, ඇල්කොහොල් සහ අනෙකුත් කැලරි පිරවූ බීම (soft drinks) සඳහා අවසර නැත
අවසාන වශයෙන්, ඔබ සතියක සැලැස්ම අවසන් කළ පසු, බර අඩු කර ගැනීම සඳහා ඉහළ ප්‍රෝටීන් සහිත, අඩු කාබ් ආහාරයක් ගත යුතුය.